බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොතේ 2 වන පරිච්ඡේදයෙන් ආරම්භ වන්නේ යේසුස් වහන්සේ සුළු ආසියාවේ (වත්මන් තූර්කිය ) සභා 7 කට පණිවුඩ යැවීමෙනි.
ඉන් ප්‍රථම සභාව එපීස සභාවයි. යේසුස් වහන්සේ මෙම සභාවේ සේවය ගැන අගය කිරීමක් කළ සේක. ඒවා කිහිපයක් නම්;
යේසුස්වහන්සේ වෙනුවෙන් විවිධ වූ ක්‍රියාවල යෙදීම සැබෑ කිතුනු හැමගේම කැමැත්තය. එය යහපත්ය. නමුත් දෙවියන්වහන්සේට මුළු හර්දයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද, මුළු මනසින්ම ප්‍රේම නොකරන්නේ නම්, බාහිර ක්‍රියා කිසිවකින් වැඩක් වන්නේ නැත.
දෙවියන්වහන්සේ හා දේව දරුවා අතර සබදතාව දෙමව්පිය දරු සබදතාවට සමානය. දෙමව්පියන් කියන්නා වූ සෑම දේටම අවනතව, කිසිවක් අත් නොහැර ඔවුන්ගේ සෑම තීරණයකට එකඟ වීමට වඩා, දරුවකු ඔවුන් සමඟ කාලය ගත කිර්‍රිම, ආදරය දැක්වීම දෙමව්පියන්ට වටින්නේය.
මනමාල මහතකු මංගල්‍යයේ සියලු වැඩකටයුතු සංවිධානය කිරීමෙහිලා උපරිම වෙහෙස දරා ක්‍රියා වැඩ සිටීමින්, තමා විවාහ වීමට යන මනමාලියව හමුවීමට වෙලා නොමැති නම් සියල්ල නිෂ්ඵලය.
ප්‍රේමය අන් සියලු දේට වඩා වැදගත්ය, වටින්නේය. ඒ තුලත් සදාකාලයටම ඔබ සමඟ සිටින ඔබේ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම අන් සියලු සත් ක්‍රියා වලට වඩා අගනේය.

- කිතුනු ක්‍රියා,
- ඉවසීම,
- නපුර නුරුස්සන බව,
- ව්‍යාජ ප්‍රේරිතයන් පරික්ෂා කර බලා ඔවුන්ගෙන් වංචනිකයන් හඳුනා ගැනීම,
- ඉවසිල්ලෙන් යේසුස්වහන්සේ උදෙසා දුක් ඉසිලීම
මෙවන් චරිත ලක්ෂණ සෑම සැබෑ කිතුනුවෙකුගේම ජීවිතයේ කොටස්ය. කිතුනුවන් උපරිම වෙර දරන්නේද උන් වහන්සේ උදෙසා විවිධ වූ ක්‍රියා කිරීම තුලින් උන්වහන්සේගේ නාමය ගෞරවයට පත් කිරීමටය.
නමුත් යේසුස්වහන්සේ මෙසේ ඔවදනක් දෙයි. එය අතිශයින්ම කිතුනු අපට වැදගත් වේ. "නමුත් නුඹේ පළමු ප්‍රේමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. එබැවින් නුඹ වැටී සිටින්නේ කොයි තැනකින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න" (එළිදරව් 2:4-5)
යේසුස්වහන්සේ වෙනුවෙන් විවිධ වූ ක්‍රියාවල යෙදීම සැබෑ කිතුනු හැමගේම කැමැත්තය. එය යහපත්ය. නමුත් දෙවියන්වහන්සේට මුළු හර්දයෙන්ද, මුළු ආත්මයෙන්ද, මුළු ශක්තියෙන්ද, මුළු මනසින්ම ප්‍රේම නොකරන්නේ නම්, බාහිර ක්‍රියා කිසිවකින් වැඩක් වන්නේ නැත.
දෙවියන්වහන්සේ හා දේව දරුවා අතර සබදතාව දෙමව්පිය දරු සබදතාවට සමානය. දෙමව්පියන් කියන්නා වූ සෑම දේටම අවනතව, කිසිවක් අත් නොහැර ඔවුන්ගේ සෑම තීරණයකට එකඟ වීමට වඩා, දරුවකු ඔවුන් සමඟ කාලය ගත කිර්‍රිම, ආදරය දැක්වීම දෙමව්පියන්ට වටින්නේය.
මනමාල මහතකු මංගල්‍යයේ සියලු වැඩකටයුතු සංවිධානය කිරීමෙහිලා උපරිම වෙහෙස දරා ක්‍රියා වැඩ සිටීමින්, තමා විවාහ වීමට යන මනමාලියව හමුවීමට වෙලා නොමැති නම් සියල්ල නිෂ්ඵලය.
ප්‍රේමය අන් සියලු දේට වඩා වැදගත්ය, වටින්නේය. ඒ තුලත් සදාකාලයටම ඔබ සමඟ සිටින ඔබේ දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම අන් සියලු සත් ක්‍රියා වලට වඩා අගනේය.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.