Saturday, July 14, 2012

සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩක ටටෙන්ඩ ටයිබු දේව සේවයට

ටටෙන්ඩ ටයිබු සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ සුප්‍රකට චරිතයකි. ඔහුගේ කුඩා ශරීර ස්වභාවය නිසා ක්‍රිකට් පිටියේ ඔහුව ලේසියෙන් අමතක නොවන පුද්ගලයෙකි.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පවත්වන ලෝක විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාවට සිම්බාබ්වේ පිළ නියෝජනය කිරීමට සිටි මොහු හදිසියේම තමන්ගේ ජීවිතයේ සැබෑ අරමුණ තේරුම් ගෙන දෙවියන්වහන්සේට සේවය කිරීමට තීරණය කර ගෙන ඇත.

http://www.espncricinfo.com/zimbabwe/content/story/571698.html

Monday, July 9, 2012

පාපය හා දේව ආඥාව

නමුත් පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා තුළ සියලු ආකාර තණ්හා ඉපදෙව්වේය. මක්නිසාද ව්‍යවස්ථාවෙන් වෙන්ව පාපය නැසී තිබේ. මම වරක් ව්‍යවස්ථාව නැතුව ජීවත්ව සිටියෙමි. නමුත් ආඥාව පැමිණි කල පාපය පණ ලැබුවේය. මමද මැරුණෙමි. මෙසේ ජීවනය පිණිස වූ ආඥාවෙන් මට මරණය පැමිණෙන බව දැනගතිමි. මක්නිසාද පාපය අවකාශ ලැබ, ආඥාව කරණකොටගෙන මා රවටා, එයින් මා මැරුවේය. එබැවින් ව්‍යවස්ථාව ශුද්ධය, ආඥාවද ශුද්ධය, ධර්මිශ්ඨය, යහපත්ය. (රෝම 7:8-12)

පාපය අප තුල වැඩිවූයේ නීතිය හඳුන්වාදීමෙන් පසුවය. නීතිය පැමිණීමට පෙර පාපය කියා කීමට දෙයක් නොතිබුනි. යම් ක්‍රියාවක් පාපයක් ලෙස හැඳින්වීමට හැකි වූයේ නීතිය දෙස බැලීම තුලිනි. නීතිය කැඩීම පාපයවේ.

පාපය බරපතල වූයේ නීතිය පැමිණි පසුය. ඊට පෙර එම ක්‍රියාවම අහංකාර ක්‍රියාව්ක් ලෙස හැඳින්වුවද, පාපය ලෙස හැඳින්විය නොහැකි විය. කඩ කර ඇත්තේ මෙම නීතිය යයි කීමට නොහැකි නිසා එවැන් වැරදි අහංකාරකම් ලෙස හැඳින්විය. දේව නීතිය දෙවියන්වහන්සේ මිනිසාට දීමත් සමඟ වරද පැහැදිලිවම පෙනෙන්නට විය. එම නිසා දැන් කැඩීමට නිතියක් ස්ථාපිතව තිබුනි. දැන දැන නීතිය කැඩීම දැන් පාපය ලෙස හැඳින්විය.

දේව නීතිය පිළිපදින්නා ජීවත්වනු ඇතැයි බයිබලය පවසයි. එම නීතිය කඩන්නා පව්කරැවකු වේ. පාව්කරුවාගේ දඬුවම මරණයයි. නීතිය සම්පූර්ණයෙන්ම පවත්වන්නා යහතින් ජීවත් වනු ඇත. නමුත් කිසිම මිනිසකු නීතිය සම්පූර්ණයෙන්ම ඉශ්ට කරන්නේ නැත. එක් නීතියක් පමණක් කැඩීම මුලු නීති මාලාවම කැඩුවා හා සමාන යයි බයිබලය පැහැදිලි කර දේ. ඊට හේතුව මිනිසා දෙවියන්ගේ ස්වරූපයෙන් මවණ ලද නිසා මිනිසා උන්වහන්සේ මෙන් සර්ව සම්පූර්ණව ජීවත් වීම දේව කැමැත්ත වන බැවිනි.


යේසුස් වහන්සේ ජීවනදායකයාණෝ ලෙස අප හඳුන්වන්නේ මේ නිසයි. යේසුස්වහන්සේ දේව නීතිය සම්පූර්ණයෙන් ඉශ්ට සිද්ධ කළ සේක. කිසිම නීතියක් නොකැඩූ සේක. එම නිසා උන්වහන්සේ මිනිසාට ආරාධනා කරන්නේ මිනිසාගේ පව් උදෙසා උන්වහන්සේ ගෙවූ වන්දිය පිළිගෙන ඒ වෙනුවට උන්වහන්සේගේ ධර්මිශ්ඨකම තමන්ට ලබාගැනීමයි.

ඒ නිසා අප කළ යුත්තේ අප කළ පව් පිළිගෙන, ඒ සඳහා පසුතැවීමයි. පසුතැවීම යනු අප ගමන් කරමින් සිටි මාර්ගයෙන් හැරී ධර්මිශ්ට ජීවිතයක් ගත කිරීමට උත්සාහ කිරීමයි. මෙම උත්සාහය මිනිසකු ධර්මිශ්ඨයකු නොකරයි. නමුත් මිනිස් හදවත දෙවියන්වහන්සේ දන්නා නිසා පසුතැවී උන්වහන්සේට සැබෑ ලෙස කීකරු වන්නාට දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන ධර්මිශ්ඨකම ඉශ්ට කිරීමට අවශ්‍ය ශක්තිය උන්වහන්සේගෙන් පැමිණෙයි. මෙය පව්කරුවා දෙවියන්වහන්සේ වෙත හැරුනු වහාම සිදුවෙන හාස්කමයි.

Friday, July 6, 2012

ඔබ කීකරු වන්නේ කාටද?


රෝම 6:16 සඳහන් වන පරිදී මිනිසා කෙනෙකුට කීකරු වන්නේද, එම මිනිසා කීකරුකම දක්වන්නාවූ තැනැත්තාට වහලෙකු වන්නේය. අපගේ දෛනික ජීවිතයේදී මෙම අදහස ක්‍රියාත්මක වන අයුරු ගැන කල්පනාකරන්න.

සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක අප වහල් බව ගැන කථා නොකරුවද, උසස් නිලධාරියාගේ වචනයට අවනත වන්නා එම නිලධාරියාට යම්කිසි අයුරක වහලෙකු වනු ඇත. නමුත් අප මෙයට කියන්නේ සේව්‍යයා හා සේවාදායක සම්බන්ධතාවය ලෙසයි.

බයිබලයේ පාපය ලොවට ඇතුලු වූ ආකාරය ගැනත් එයින් ලොවට ලැබුණු විපාකය ගැනත් උත්පත්ති පොතෙහි 3 වන පරිච්ඡෙදයේ සඳහන් වේ. එහිදී ඒදන් උයනේදී දෙවියන්වහන්සේ මිනිසාට ලෝකය ගැන දුන් අධිපත්‍ය නැති කර ගැනීම ගැන සඳහන් වේ.

ලෝකයේ ආධිපත්‍ය මිනිසා සතුව තිබියදී යක්ෂයාගේ බොරුවට රැවටුනු මිනිසා එම බොරුව විශ්වාස කර, සත්‍ය දෙවියන්වහන්සේව සැක කළෝය. මෙම කීකරුකම කරන කොටගෙන සාතන් නැමති දූතයා ලෝකයේ පාලනය තම අතට ගත්තේය.



පාපයේ වහලුන් වූ මිනිසා එයින් ගැළවීම ලැබීම සඳහාද කර යුතුව තිබුනේ වල කටෙන්ම ගොඩ ඒමටය. එනම් ප්‍රේමවන්ත දෙවියන්වහන්සේ මිනිසාගේ ගැළවීම උදෙසා කර පරිත්‍යාගය පිලිගැනීමයි. එම පරිත්‍යාගය නම් යේසුස් වහන්සේ ලෝ වැසි සියල්ලන්ගේ පාපය වෙනුවෙන් කුරුසියේ තම ජීවිතය පූජා කිරීමයි. ඔබගේත් මගේත් පාපය වෙනුවෙන් වන්දිය ගෙවුවේ දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ය.

පාපයට වැටුනේ මිනිසා බොරුවට කීකරුවීම නිසාය. නමුත් දැන් දෙවියන්වහන්සේ සාදා ඇති මාර්ගය නම් නැවත සත්‍යට කීකරු වී උන්වහන්සේ වෙත හැරීමය. මෙම කීකරුකම මිනිසා පාපයෙන් නිදහස් කරයි. මෙය වන්නේද කීකරුකමෙන් බව මතක තබාගැනීම ඉතාමත් වැදගත්ය. මිනිසාගේ යහපත් ක්‍රියා වලින් නොවේ.


මිනිසාව දෙවියන්වහන්සේ මවා ඇත්තේ යහපත් ක්‍රියා කිරීමට බව බයිබලය පවසා ඇත (එපීස 2:10). එම නිසා තමන්ගේ වගකීම ඉශ්ට කිරීම නිසා මිනිසා හට විශේෂ වරප්‍රසාදයක් ලැබිය යුතු නැත. රෙදි සෝදන යන්ත්‍රයක් රෙදි හරිආකාරව සොදා දෙන්නේ නම් අපි ඒ ගැන පුදුම නොවෙමු. මිනිස් ක්‍රියාද එසේමය.

මිනිස් යහපත් ක්‍රියා යම් ආකාරයක පාප කමාවක් හෝ ත්‍යාගයක් ලැබීමට සුදුසු බව සිතීම වැරදිය. එසේ සිතන්නෝ තමන්ගේ යහපත් ක්‍රියා කරන්නේ ප්‍රේමයෙන් නොව ආඩම්බරකමින්ය. එවිට උද්දච්ඡ බවක් ඇතිවේ. මෙයින් සිත කිළිටි වේ.

සාතන් නම් යක්ෂයා ඉතාමත් උපායශීලීය. සට කපටියෙක්ය. බොරුවේ පියාය. දෙවියන්වහන්සේ නොදන්නා සාතන්ගේ මායම් වලට දන්නේම නැතිව හසුවේ.

මිනිසා පාපයේ වහලෙකු ලෙස තබාගැනීමට සාතන් ඉතාමත් උපායශීලී බොරු මවා ඇත. මිනිසාට තමන්ගේ යහපත්කමින් පාපයට වන්දි ගෙවිය හැකි බව පවසන ආගම් හා දර්ශන 25000ක් පමණ ලොව පිහිටුවා ඇත්තේ මෙම කෛරාටිකයාය.

බහුතර මිනිසුන් ඔවුන්ගේ ආඩම්බරකම  නිසා දෙවියන්වහන්සේගේ නොමිලේ දී ඇති සමාව ප්‍රතික්ෂේපකර තමන්ම තමන්ගේ පව් උදෙසා වන්දි ගෙවීමට නානාවිද යහපත් ක්‍රියාවලට යොමුකර ඇත්තේ මෙම සාතන්ය. නමුත් යේසුස්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය කරණකොටගෙන ලෝකයාට දෙන කමාව පිළිගන්නෝ සැබෑ කමාවත් සිතේ සමාදානය හා ප්‍රීතිය ලබනවා නියතය.

තම යහපත් ක්‍රියා වලින් ධර්මිශ්ඨකම සොයන්නන්ගේ විපාකය ලෝකය කෙරේ පැමිණෙන දේව විනිශ්චය දිනයේදී දැනගත හැකි වනු ඇත. මොවුන් එදිනදී තමන් රැවටුනාවූ බොරුව හඳුනාගනු ඇත. නමුත් එවිට පමා වැඩි වනු ඇත.