කිතුනු ජීවිතය යනු අපහසුතා මැදින් ගමන් ගන්නා ජීවිතයකි. දුශ්කරතා වලින් පිරුණු ජීවිතයකි. අධෛර්යවීමට බොහෝ හේතු කාරණා ඇත.
මාගේ ජීවිතයද මේ දවස් කිහිපය තුල එවන් දුශ්කරතා වලට මුහුණ දෙමින් ගමන් කිරීමට සිදුව ඇති ජීවිතයකි.
මගේ ජීවිතයේ වැදගත්ම යාච්ඤාවක් සඳහා තවමත් පිළිතුරු ලැබී නැත. මෙම යාච්ඤාව දෙවියන්වහන්සේගේ වචනයට එකඟ ඉල්ලීමකි. දෙවියන්ට ගරු බිය නොදක්වන්නාටද මෙම ආශිර්වාදය මා ඇස් ඉදිරිපිටම ලැබෙන්නේය. නමුත් දෙවියන්වහන්සේට හැකි තරම් කිට්ටුවීමට දිනපතා උත්සාහ දරණ මා හට තවමත් උන්වහන්සේ මේ ආශිර්වාදය දී නැත.
කාලයක් මා මිතුරුව සිටි විශ්වාසවන්තනීය කෙනෙක් අතින් මුල්‍යම වංචාවකට මම හසුවුනෙමි. මෙම තැනැත්තා කිතුනුවෙක්ද විය.
දෙමව්පියන්ගේ නොසැලිකිලිමත් වචන නිසාද මාගේ සිත වේදනාවට පත්ව ඇත.
යාච්ඤා වලට පිළිතුරු මා දිකින්නේද අන් අය සඳහා කරන ඉල්ලීම් වලටය. සමහර විට මා සිටින අධෛර්යවමත් මානසික තත්වය නිසාද යාච්ඤාව නිෂ්ඵල ලෙස පෙනෙනවාද ඇත.
ඇත්තම කියන්නට මා කිතුනුවකුව තව දුරටත් සිටින්නේ මක්නිසාද යන ප්‍රශ්නය පවා මා සිත පැමිණි අවස්ථා කිහිපයක්ද ඇත.
ඒ අවස්ථාවේදී මාගේ හිතට නැඟුනු බයිබල් පාඨය වූයේ යොහාන් තුමාගේ ශුභාරංචි පොතේ 6:68-70ය.
වරක් යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තේරුම් ගැනීමට අපහසුව උන් වහන්සේගේ ගෝලයෝ බොහොමයක් පසුබටවී, උන්වහන්සේ සමඟ තවත් නොගිය බව මෙම කොටසේ සඳහන් වේ.
නමුත් සුළු පිරිසක් උන්වහන්සේ නොගියෝය. මොවුන් නැවත හැරී නොගියේ උන්වහන්සේගේ වචන ඔවුනට තෙරුණු නිසා නොවේ.
ඕනෑම කෙනෙකුට බයිබලය කියවිය හැකිය. පල්ලියට ගොස් දේශනා අසන්නට හැකිය. යාච්ඤා කරන්නට හැකිය. ක්‍රිස්තියානි යයි ප්‍රකාශ කර ගත හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ කැඳවීමකින් තොරව මෙම ආගමික ක්‍රිස්තියානි කම සම්ප්‍රදායකට සීමාවේ.
දෙවියන්වහන්සේ සිටිනා බව මට විශ්වාසය. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ මෙළොවට එවූ බවද මම විශ්වාස කරන්නේ සාක්ෂිද ඇතුවය.
එම නිසා දෙවියන්වහන්සේගෙන් වෙන්ව කිතුනුවා කොහි යන්නද?
මම ස්වර්ගයට නැඟුනද ඔබ එහිය.
ෂෙයෝලෙහි (සොහොන ) මාගේ යහන පිළියෙළ කෙරෙම් නමුත් ඔබ එහිය.
මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්, එහිදීත් ඔබේ හස්තය මට මඟ පෙන්වන්නේය... (ගීතාවලිය 139)

නුඹලාත් අහක්ව යන්නට කැමතිදැයි යේසුස් වහන්සේ දොළොස්දෙනාගෙන් ඇසූ සේක.සීමොන් පේතෘස් උන්වහන්සේට උත්තර දෙමින්,
ස්වාමිනී, අපි කා ළඟට යමුද? සදාකාල ජීවනයේ වචන ඔබවහන්සේට ඇත්තේය. අපිද ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධ තැනැන්වහන්සේ බව විශ්වාසකරගෙන දැනගෙන සිටිමුයයි කීවේයයේසුස් වහනසේ ඔවුන්ට උත්තර දෙමින්
මා විසින් නුඹලා දොළොස්දෙනා තෝරාගත්තා නොවේද?...යයි කී සේක.යේසුස් වහන්සේ අනුගමණය කිරීම, කිසිම ආගමකටත් වඩා වෙනස් බව පැහැදිලි කරන කරුණක් උන්වහන්සේ මෙහි කියන සේක. එනම් දෙවියන්වහන්සේගේ කැඳවීමෙන් තොරව කිසි කෙනෙකුට යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු (කිතුනුවෙකු) නොවිය හැකි බවයි.
ඕනෑම කෙනෙකුට බයිබලය කියවිය හැකිය. පල්ලියට ගොස් දේශනා අසන්නට හැකිය. යාච්ඤා කරන්නට හැකිය. ක්‍රිස්තියානි යයි ප්‍රකාශ කර ගත හැකිය. නමුත් දෙවියන්වහන්සේගේ කැඳවීමකින් තොරව මෙම ආගමික ක්‍රිස්තියානි කම සම්ප්‍රදායකට සීමාවේ.
දෙවියන්වහන්සේ සිටිනා බව මට විශ්වාසය. යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ මෙළොවට එවූ බවද මම විශ්වාස කරන්නේ සාක්ෂිද ඇතුවය.
එම නිසා දෙවියන්වහන්සේගෙන් වෙන්ව කිතුනුවා කොහි යන්නද?
මම ස්වර්ගයට නැඟුනද ඔබ එහිය.
ෂෙයෝලෙහි (සොහොන ) මාගේ යහන පිළියෙළ කෙරෙම් නමුත් ඔබ එහිය.
මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්, එහිදීත් ඔබේ හස්තය මට මඟ පෙන්වන්නේය... (ගීතාවලිය 139)
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.