යේසුස් වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා වරද්දාගන්නේ ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදන්නා නිසා නොවේද? (ශු.මාර්ක් 12:24)
ක්‍රිස්තියානි ජීවිතය සම්පූර්ණයෙන්ම බයිබලය හෙවත් දේව වචනය මතම පදනම් වූවකි. එයින් පිට සෑම දේම දේවසේවකයන්ගේ මතයන්ට සීමාවූ ඉගැන්වීම්ය. මේවා හරි හෝ වැරදි විය හැකිය. අපට ස්ථිර ලෙස විශ්වාසය තැබිය හැක්කේ බයිබලයේ පමණි.
එක්තරා අවස්ථාවකදී යේසුස් වහන්සේව ප්‍රශ්න කිරීමට එකල සිටි සද්දුසිවරු නම් ආගමික කණ්ඩායමක් පැමිණියෝය. එය මාර්ක්තුමාගේ ශුභාරංචියේ 12:18-27 දක්වා ඔබට කියවිය හැකිය.
ඔවුහූ වෘතිමය වශයෙන් ජුදා දේශයේ (වත්මන් ඉශ්‍රායලය) ආගමික නායකයෝ වූහ. නමුත් යේසුස් වහන්සේ ඉදිරියේ ඔවුන් දේව වචනය හරි හැටි නොදන්නා බව එළිදරව් විය.
අද බොහෝ කිතුනුවෝ බයිබලය කියවා හරි හැටි එය ඉගැනීමට කල් ගත නොකරයි. නමුත් මෙලොව දේ ගැන වෙහෙස වී ඉගැනුම ලබයි. දේව වචනය සෑම මිනිසකුම කියවා දැනගැනීම අතිශයින් වැදගත්ය. එය එකම දෙවියන්වහන්සේ මිනිසාට තමන්වහන්සේ ගැන දැනගන්නා පිණිස ලබා දුන්නාවූ එකම එළිදරව්වයි.
ක්‍රිස්තියානි මිනිසුන් දේවස්ථානයේ දේශනා අසා නිවෙසට පැමිනේ. එය ඔවුන්ගේ කණ් පිනවීමකට පමණක් සීමාවේ. නමුත් ඇසූ දේ සත්‍යද අසත්‍යයද යයි සොයා බලන්නේ නැත.
යේසුස්වහන්සේගේ දෙවන පැමිණීම අත ළඟය. ඊට මත්තෙන් බොහෝ බොරු ඉගැන්වීම් ලොකයෙන් හා කිතුනුවන් යයි කියන්නන් අතරින් එන බව උන්වහන්සේ අනාවැකි පැවසූ සේක.
එය අද එසේ සිදුවන බව අපට පෙනේ. තමන්ගේ ආර්ථික වාසිය උදෙසා අසන්නන්ගේ කණ් පිනවන දේශකයෝ බොහෝය. ඔවුන්ගෙන් ප්‍රවෙසම් විය හැකි එකම ක්‍රමය නම් දේව වචනය හරි හැටි දැනගැනීමෙන්ය.
නොරැවටෙන්න! දේව වචනය උදෑසන, දහවල් හා රාත්‍රියේ කියවා මෙනෙහි කරන්න. එවිට ඔබ සැබෑ පල දරන්නාවූ, ආත්මිකව සපලත්වයක් ලබන මිනිසකු වන්නේය. දේව වචනයෙන් එය ඉගෙනගන්නා ලබන ආශිර්වාද ගැන ගීතාවලිය 119 වන පරිච්ඡේදයේ බොහෝ ලෙස ලියා ඇත. අදම බයිබලය හරි හැටි දැනගැනීමට කාලය වෙන්කරන්න. එය ඔබේ අද ජීවිතයටත් මතු පැමිණෙන ලොවේ ජීවිතයටත් අතිශයින්ම වැදගත් වන්නේය.
ඔබට දෙවියන්වහන්සේගේ කරුණාව හා ආශිර්වාද ලැබේවා!
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.