බයිබලය කියවීම සිත පිනවීම හැරෙන්නට වෙන යමක් මා හට නොකරයි. බයිබලය ගැඹුරින් අධ්‍යනය කිරීම මගේ ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් කරයි. කිතුනු නොවන්නනි. බයිබලය කියවීම පමණක් ඔබට එතරම් ප්‍රයෝජනයක් නොවනු ඇත. එය ගැඹුරින් අධ්‍යනය කිරීමත්, එහි සඳහන් ඓතිහාසික, විද්‍යාත්මක විස්තර නොසැලී සොයා බලන්න. එහි සඳහන් දෙවියන්වහන්සේගේ පොරොන්දු අත්හදා බලන්න. එසේ කරොත් ඔබ සත්‍ය දැනගෙන ඔබගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වනු ඇත.
"මක්නිසාද ස්වාමීන්වහන්සේගේ නාමයට යාච්ඤා කරන කවුරු නමුත් ගළවනු ලබන්නේය" (රෝම 10:13)