රෝම 6:16 සඳහන් වන පරිදී මිනිසා කෙනෙකුට කීකරු වන්නේද, එම මිනිසා කීකරුකම දක්වන්නාවූ තැනැත්තාට වහලෙකු වන්නේය. අපගේ දෛනික ජීවිතයේදී මෙම අදහස ක්‍රියාත්මක වන අයුරු ගැන කල්පනාකරන්න.
සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක අප වහල් බව ගැන කථා නොකරුවද, උසස් නිලධාරියාගේ වචනයට අවනත වන්නා එම නිලධාරියාට යම්කිසි අයුරක වහලෙකු වනු ඇත. නමුත් අප මෙයට කියන්නේ සේව්‍යයා හා සේවාදායක සම්බන්ධතාවය ලෙසයි.
බයිබලයේ පාපය ලොවට ඇතුලු වූ ආකාරය ගැනත් එයින් ලොවට ලැබුණු විපාකය ගැනත් උත්පත්ති පොතෙහි 3 වන පරිච්ඡෙදයේ සඳහන් වේ. එහිදී ඒදන් උයනේදී දෙවියන්වහන්සේ මිනිසාට ලෝකය ගැන දුන් අධිපත්‍ය නැති කර ගැනීම ගැන සඳහන් වේ.
ලෝකයේ ආධිපත්‍ය මිනිසා සතුව තිබියදී යක්ෂයාගේ බොරුවට රැවටුනු මිනිසා එම බොරුව විශ්වාස කර, සත්‍ය දෙවියන්වහන්සේව සැක කළෝය. මෙම කීකරුකම කරන කොටගෙන සාතන් නැමති දූතයා ලෝකයේ පාලනය තම අතට ගත්තේය.
පාපයේ වහලුන් වූ මිනිසා එයින් ගැළවීම ලැබීම සඳහාද කර යුතුව තිබුනේ වල කටෙන්ම ගොඩ ඒමටය. එනම් ප්‍රේමවන්ත දෙවියන්වහන්සේ මිනිසාගේ ගැළවීම උදෙසා කර පරිත්‍යාගය පිලිගැනීමයි. එම පරිත්‍යාගය නම් යේසුස් වහන්සේ ලෝ වැසි සියල්ලන්ගේ පාපය වෙනුවෙන් කුරුසියේ තම ජීවිතය පූජා කිරීමයි. ඔබගේත් මගේත් පාපය වෙනුවෙන් වන්දිය ගෙවුවේ දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ය.
පාපයට වැටුනේ මිනිසා බොරුවට කීකරුවීම නිසාය. නමුත් දැන් දෙවියන්වහන්සේ සාදා ඇති මාර්ගය නම් නැවත සත්‍යට කීකරු වී උන්වහන්සේ වෙත හැරීමය. මෙම කීකරුකම මිනිසා පාපයෙන් නිදහස් කරයි. මෙය වන්නේද කීකරුකමෙන් බව මතක තබාගැනීම ඉතාමත් වැදගත්ය. මිනිසාගේ යහපත් ක්‍රියා වලින් නොවේ.
මිනිසාව දෙවියන්වහන්සේ මවා ඇත්තේ යහපත් ක්‍රියා කිරීමට බව බයිබලය පවසා ඇත (එපීස 2:10). එම නිසා තමන්ගේ වගකීම ඉශ්ට කිරීම නිසා මිනිසා හට විශේෂ වරප්‍රසාදයක් ලැබිය යුතු නැත. රෙදි සෝදන යන්ත්‍රයක් රෙදි හරිආකාරව සොදා දෙන්නේ නම් අපි ඒ ගැන පුදුම නොවෙමු. මිනිස් ක්‍රියාද එසේමය.
මිනිස් යහපත් ක්‍රියා යම් ආකාරයක පාප කමාවක් හෝ ත්‍යාගයක් ලැබීමට සුදුසු බව සිතීම වැරදිය. එසේ සිතන්නෝ තමන්ගේ යහපත් ක්‍රියා කරන්නේ ප්‍රේමයෙන් නොව ආඩම්බරකමින්ය. එවිට උද්දච්ඡ බවක් ඇතිවේ. මෙයින් සිත කිළිටි වේ.
සාතන් නම් යක්ෂයා ඉතාමත් උපායශීලීය. සට කපටියෙක්ය. බොරුවේ පියාය. දෙවියන්වහන්සේ නොදන්නා සාතන්ගේ මායම් වලට දන්නේම නැතිව හසුවේ.
මිනිසා පාපයේ වහලෙකු ලෙස තබාගැනීමට සාතන් ඉතාමත් උපායශීලී බොරු මවා ඇත. මිනිසාට තමන්ගේ යහපත්කමින් පාපයට වන්දි ගෙවිය හැකි බව පවසන ආගම් හා දර්ශන 25000ක් පමණ ලොව පිහිටුවා ඇත්තේ මෙම කෛරාටිකයාය.
බහුතර මිනිසුන් ඔවුන්ගේ ආඩම්බරකම නිසා දෙවියන්වහන්සේගේ නොමිලේ දී ඇති සමාව ප්‍රතික්ෂේපකර තමන්ම තමන්ගේ පව් උදෙසා වන්දි ගෙවීමට නානාවිද යහපත් ක්‍රියාවලට යොමුකර ඇත්තේ මෙම සාතන්ය. නමුත් යේසුස්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය කරණකොටගෙන ලෝකයාට දෙන කමාව පිළිගන්නෝ සැබෑ කමාවත් සිතේ සමාදානය හා ප්‍රීතිය ලබනවා නියතය.
තම යහපත් ක්‍රියා වලින් ධර්මිශ්ඨකම සොයන්නන්ගේ විපාකය ලෝකය කෙරේ පැමිණෙන දේව විනිශ්චය දිනයේදී දැනගත හැකි වනු ඇත. මොවුන් එදිනදී තමන් රැවටුනාවූ බොරුව හඳුනාගනු ඇත. නමුත් එවිට පමා වැඩි වනු ඇත.